ISS (International Space Station) අහසේ ගමන් කරනවා නිරීක්ෂනය කරන්න හිතාගෙන් මම ඊයේ රාත්‍රියේ අපේ නිවසේ වහලය උඩට ගොඩවූනා. දර්ශනය වෙන වේලාව ලබා ගත්තේ Heavens-Above වෙබ් සයිට එකෙන්. බටහිර පැත්තට වෙනන අහසේ පෙගාසස් තාරකා රාශිය පැත්තෙන් රෑ 7.25 පෙනෙන්න තියෙන්නේ. මම පෙන වෙලාවට විනාඩියකට කලින් මගේ ෆෝන් එකට එලාම් සෙට් කරල බලං හිටියා. ඔන්න වේලාට එක වැදුනාගමන් මම ඉක්මනට හොඳ උවමනාවින් ඒ පැත්ත බලාගෙන හිටියා. ටික වේලාවකින් එච්චර එලියක් නැති තරුවක් අහසට නගිනවා මට පෙනුනා. එක ටිකක් කහපාටට හුරු එකක්. ටිකෙන් ටික එකෙ එලිය වැඩි වෙන්න පටන් ගත්තා අහසේ ඉහල දී ඒක හරිම දීප්තිමත් එක අහසේ දීප්තිමත් තරුව Sirius වැඩිය ලොකුයි. මම ඉක්මනට මගේ ෆොන් එකේ කැමරාවෙන් ෆොටෝස් ටිකක් ගත්තා. ෆොන් එනෙන් පේන විදියටනම් ඔකකොම කලු පාටට පෙන්නෙ. විනාඩි දෙකක් හොඳට පෙනුනාම පස්සේ ගිනිකොන පැත්තෙන් එක පෙනෙනැතුව ගියා.
ගෙදරට ඇවිල්ලා කොම්පිවුටර් එකට අරගෙන මම ෆොටෝ ටික බැලුවා එච්චර පැහැදිලි නෑ කලු පාට මැද්දේ චූටි සුදු තිතක් පේන්න තිබුනා. හැබැයි මගේ ඇස් දෙකටනම් හොඳට ඒක පෙනුනා පොල් ගස් අතරින් යනවා හොඳ කැමරාවක් තිබූනානම් ලස්සනට ගන්න පුලුවන් වෙයි.
මේ තියෙන්නේ ඒ ෆොටොස් ටික.

No comments:
Post a Comment